À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා

A+ A-

” අද ඔක්කොමලාටම  ########පිට්ටනියට එන්න කියලා කිව්වලු ”

අපි දේශනේ ඉවර කරලා ඉවර කරලා මග දිගට යද්දි නිහාලි ඇවිදිල්ලා කිව්ව දේ නිසා අපි ගියේ #########පිට්ටනියට

” ඉක්මනට වරෙල්ලා තක් ගැහි ගැහි ඉන්නැතිව. උබලා පරක්කු වෙන්න පරක්කු වෙන්න උබලටමයි පරක්කු වෙන්නේ.  ඒයි ඕයී ලදවල් ටික මෙහෙ වරෙන් විගහට “

ඔහේ කයියක් ගගහා එන කොල්ලෝ ටිකක් දැකපු ඒ අයියා ආයෙමත් ගිරිය පලන් කෑ ගහන්න ගත්තා. උදේ දහය වුනාට මොකද අව් සැර අපි ඉන්න තැනටම හොදට තියෙනවා. දැන් නෙ මන් මේ හරියටම දැක්කෙත් ගිරිය පලන් කෑ ගහන අයියා කවුද කියලා. බැලින්නම් එදා  අයියේ මන් ඔයාට කැමතියි කියලා අහද්දී මන් බැදලා කියලා මුද්දක් දාපු ඇගිල්ලක් පෙන්නපු අයියනේ මේ. මේ මනුස්සයට මෙච්චර බෙරිහන් දෙන්න පුළුවන් කියලත් මන් අදනේ දන්නේ.

“  මහා ශිෂ්‍ය සංගමේ සභාපති අයියා නේද මේ “

මයෙ එහා පැත්තේ හිටිය කෙල්ලෙක් ඒකිගේ යාලුවට කියද්දී මාත් ඒ පැත්තට කන් දෙක දැම්මේ තව මොනා හරිම ඕපයක් හොයන්න.

” ඒ අයියට නම් කෙල්ලෝ බර ගානක් ඇති නේද බන් “

” ඒ අයියා ඔහොම හිටියට ඇමති කෙනෙග්ගේ පුතෙක්ලූ.  කැම්පස් එකේ හැමෝම කියන්නේ සිලූ කියලා. එයාගේ කාඩ් එකවත් වෙන්න ඇති “

මේ කෙල්ලෝ නම් අයියලා ගැන දන්නැති දෙයක් නෑ. මන් අපෙ ඉස්සරහින් ඉන්න අයියලා ටිකට ඇහැ දැම්මත් අර චූටි අයියා නෙවෙයි මන් නම් දැක්කේ.

” ඒයි නිලුවෝ “

” ම් මොකද බන් “

” මට චූ බරයි වගේ නේ ඕයී “

මේ තරිඳුටත් දැන් තමයි නැති බරවල් ලෝඩ් වෙන්නේ.

” ඉවසන් හිටපන් බන්. දැන් කොහොමද කියපන් කෝ අපි ඕක කරන්න යන්නේ. උබට ඕනී විහින් රැග් වෙන්නද “

පැය ගානක් වෙනකම් සිලූ අයියගේ දේශනේ අහන් ඉදලා ඒක ඉවර වුණත් හරි අපි දිව්වේ තරිදුගේ බර නිදහස් කරන්න.

” අද උබ බත් එකක් ගෙනාවේ නැද්ද ”

දේශන ඉවර කරලා යන්න යද්දි තරිඳු එහෙම ඇහැව්වත් හරි තමයි මට‍ මයෙ බත් එක මතක් වුනේ. දැන් හැබැයි කකා ඉන්න තරම් නම් වෙලාවක් නෑ මට ඉක්මනට ඉස්කෝලේට යන්න ඕනී විරාජ් සර්ව හම්බෙන්න යන්න.

” මට අමතක වුනා බන්. ආ ගනින් උබ හොස්ටල් එකට ගිහිල්ලා කාහන් “

මන් උට‍ යන්නම් කියලා ඉක්මනට ගිහිල්ලා නැග්ගේ හිල්ලාවට යන බස් එකට.

මන් ඉස්කෝලේ ඒ ගරා වැටිච්ච පරණ ගේට්ටුව ළගට යද්දි එතැන හිටියේ නිදි කිර කිරා ඉන්න මුර මාමා කෙනෙක්.

” මාමේ ම් මේ මට විරාජ් සර්ව හම්බෙන්න පුළුවන්ද “

” ආ කොල්ලෝ මට ඒ සර් කිව්වා සර්ගේ මල්ලි එනවැයි කියලා ළමයා ගන්න.මන් මේ බලාගෙනත් හිටියේ කොල්ලා එනකම්. මෙතැනින් යන්න පුතේ “

බේබීට අවසානෙට උගන්නන්න තියෙන්නේ එයාගේ පන්තියට නිසා මන් කෙලින්ම ගියේ එහෙට්ට්. මන් යද්දි ඈතින් වගේ දැක්කේ පන්තිය ඇතුළට පැටියගේ අතින් අල්ලන් යන මගෙ පොඩි සර්ව.  චූටි බෑග් එකකුත් කරේ තියන් යන නුරාද චූටි ඉබි පැටියෙක් වගේ.

” සර් මෙන්න සර්ගේ මල්ලි එන වා… “

මන් පන්තියේ ළගට ගියත් හරි කෙල්ලෙක් මාව දැකලාද කොහෙදෝ හාමුට කතා කරා. ඉතින් මන් දොර ළගට වෙලා බලන් හිටියේ මේ පැත්තට හිනා වෙවී දුවගෙන දුවගෙන එන පැටියා දිහා. නුරාද මාව දැක්කත් හරි දුවන් එන්නෙත් උඩ පැන පැන

” අද හවස පන්ති කරන්න වෙන්නෑ නිලූෂ. මන් එනකම් වාහනේ ළගට වෙලා මෙයා එක්කලා ඉන්න පුළුවන්ද මන් එනකම්. තව විනාඩි විස්සක් විතරනේ ඉස්කෝලේ ඇරෙන්න තියෙන්නේ “

පැටියා ගුරු මේසේ උඩ තියාපු චූටි බෑග්ගෙත් බේබී මයෙ අතට දීලා එහෙම කියද්දී මයෙ ඇස් දිලිසෙන්න ඇති. අද එහෙනම් තුන් දෙනාටම රවුමක් දාලාම වලව්වට යත හැකියි.

” බලාන් ඉන්නවා එනකම් එහෙනම්. ආන් ළමයි ටිකත් බලන් ඉන්නවා එයාලගේ සර් උගන්නන්න එනකම්  . “

ලා නිල් පාට ඒ කමිසේ බේබිගේ ඇගටම තද වෙලා තියෙද්දි එයාගේ ඒ ඇගේ හැඩ හරි ලස්සනට පේන්න තියෙනවා. පැටියවත් වඩා ගත්ත මන් ආයේ එන්න ආවේ එළියේ අඹ ගහක් යට හෙවනේ නවත්තලා තියෙන එයාගේ වාහනේ ළගට.

” මහන්සිද මයෙ පැටියට ම් අයියා එද්දි මයෙ චූටිට කන්න බඩ්ඩක් ගෙනාවා නේ”

ඇතුළේ ෂීට් එකේ වාඩි කරපු පැටියගේ කමිසේ උඩ බොත්තන් දෙකක් ගලව ගලව හිටපු මන් එහෙම කිව්වත් හරි පැටියා මයෙ ළග තිබ්බ මල්ල එයාගේ ළගට ඇදලා අරන් ඒක ඇතුළට එබුනා.
කොල්ලට හිනා ඉතින් චොකලට් කිරි පැකට් එකකුයි ක්‍රීම් බනිස් ගෙඩියකුයි තියෙනවා දකිද්දී.

එයා ක්‍රීම් බනිස් ගෙඩිය කද්දී මන් කිරි පැකට් එකට බටේ ගහලා බොන්න ගත්තේ පැටියගේ මූණ ඇද වෙලා යද්දි. එයා දන්නෑනේ මගෙ නයි මල්ලේ තව සාක්කුවක චොකලට් කිරි පැකට් එකක් තව තියෙනවා කියලා. කොල්ල කට ඇතුළට ගත්ත බනිස් කෑල්ල ගිලින්නෙවත් නැතුව කදුලුත් පුරවන් මයෙ දිහා බලන් හිටියේ එක අතකින් එයාගේ කමිසෙත් මිරිකගෙන.

” අපෝ අපො අඩන්න එපා නේ වස්තු කොටේ… මේ තියෙන්නේ පැටියගේ කිරි එක”

අප්පේ කොල්ලා ඒ ගමන හිනා වෙවී ලැජ්ජාවෙන් මයෙ අතින් ඒ කිරි පැකට් එක අරන් තුරුල් කර ගත්තේ ඒකත් මන් අරන් බීලා දායි වගේ.

කොල්ලාගේ උඩට කරන් ඉන්න කකුල් දෙකත් පහළට කරපු මන් ඒ ඔක්කේ ඔලුව තියා ගත්තේ පොඩ්ඩක් නිදා ගන්න කියලා. මයෙ ඔලුව ඒ ඔක්කේ තියෙද්දි කොල්ලාට කොහොමත් යන්න බෑ නේ.

” මයෙ දෙයියනේ මේ අයියා හොදයි. පැටියව මෙහෙම තනියම දාලා හොදට බුදි… ”

මයෙ කන ළගින්ම වගේ බේබිගේ ටින් බෙලෙක්කෙ ඇහුණු නිසා නැගිටලා බැලුවත් හරි දැක්කේ ෂීට් එකෙ මෙහා කෙළවරේ හොදට ගුලි ගැහිලා නිදා ගෙන ඉන්න නුරාදව. අප්පටසිරි කොල්ලාටත් නින්ද ගිහිල්ලා.

” මන් එයාගේ ඔක්කේ හාමු හිටි.. “

” ඔව් ඔව් ඔක්කේ තමයි ඉදලා තියෙන්නේ කියලා හොදට පේනවා. බලන්න මෙයා දොරත් ඇරන් පාර දිගේ ඔහේ ඇවිද ඇවිද හිටියා නම් මොන ලෝකේ කියලා මන් හොයන්නද නිලූෂ “

බේබී ඔහේ කෑ ගගහා වාහනේට නැගලත් ආයේ ආයේ කෑ ගහද්දි පැටියවත් අරන් මන් ගියේ ඉස්සරහට.

” බේබී හාමු කොහෙද යන්නේ දැන් “

” මට බඩගිනි. ඉස්සල්ලාම කාලා කොහෙහරිම ඇවිදින්න යමු “

එහෙම කියපු බේබි හාමු මහ සෙනග කන්දරාවක්‌ නැති පොඩි කඩයක් ළග නතර කරලා මයෙ ඔක්කේ තාමත් නිදන් ඉන්න පැටියට කතා කරා.

අපි තුන් දෙනාම බත් කාලා ඉවර වෙද්දී මන් ගත්තේ කිතුල් පැණි දාපු මී කිරි කෝප්ප තුනක්. ඊට පස්සේ අපි ගියේ පැටියා එක්කලා පාක් එකට. පවුල් පිටින් ඇවිල්ලා තැනින් තැන කට්ටිය පිරිලා ඉද්දී පොඩි ළමයි එක්කහු වෙලා සෙල්ලම් කරනවා.  කොච්චර ළමයි එකතු වෙලා සෙල්ලම් කරත් අපෙ නුරාද නෙවෙයි ඒ ළමයි එක්කලා හිටියේ. පොඩි පොඩි ළමයි ගොඩක් ඉන්න නිසා නුරාද බේබිගේ අස්සේ නැත්තම් මගෙ අස්සට වෙලා තමයි ඉන්න බලන්නේ.

” පැටියෝ කෝ අර යාලුවෝ ළගට යන්න ඉතින් එයාලා බලා ගෙනත් ඉන්නවා ඔය එනකම් ”

” නා… “

පොඩි බේබි නුරාදව ළමයි ළගට ගිහිල්ලා දාද්දි ආයේ එයා ආවේ අපෙ ළගට.

” බේබී කෝ දෙන්නකෝ අපෙ චන්ඩි පැටියව ”

මන් බේබීගේ අස්සේ හිටපු පැටියව අරන් ගියේ ලිස්සන බෝට්ටුව ළගට වෙනකොට බේබිත් අපි එක්කලම ආවා .

” අයියා අතනින් ඔයාව ගන්නම්. පැටියා මේක උඩට ගිහිල්ලා එන්නකෝ ම් “

මන් පැටියට උඩට නගින්න කියලා එතැන තියෙලා ආවත් එයා නෙවෙයි එතැන හිටියේ.   බැරිම තැන කොල්ලව කැරකෙන රවුමේ තියෙලා බේබියි මායි ඒක තල්ලු කර කර ඉද්දී නම් පැටියා ටිකක් හිනා වෙවී හොදට හිටියත් මයෙයි බේබිගෙයි ඔලුව කැරකෙන්න ආව නිසා නුරාදවත් අරගෙන ගියේ බංකුවක ඉද ගන්න.

” න් නිලූ à·‚ පැටියා කාත් එක්කවත් සෙල්ලම් කරන්න යන්නෑ නේ “

අපෙ ඉස්සරහ තියෙන ඔන්චිල්ලාවේ පැද්දි පැද්දි ඉන්න නුරාද දිහා බලලා බේබී එහෙම කියද්දී මටත් බැලුනේ පැටියා දිහා.

” පෙර පාසල් යද්දි හරියයි බේබී. දැන්ම කලබල වෙන්න එපා “

” මෙයා හැබැයි අපෙ පන්තියේ ළමයි එක්කලා නම් හොදට ඉන්නවා නිලූෂ.  ඒත් ටිකක් ඉන්න රාහුල් එක්කත් මෙයා එදා හොදට හිටියනේ… “

” එදා ඉතින් රාහුල් මෙයා එක්කමනේ හිටියේ බේබී ටික දවසක් යද්දී හරියයි. බයවෙන්න ඕන්නෑ “

මයෙ බේබී හාමුගේ කලබලේ එයාගේ මූණින්ම පේනවා.ඒත් ඉතින් පැටියා එහෙමයි කියලා අපි කලබල වෙලා හරියන්නෑ නේ. අපිට ටික කාලයක් යනකම් බලන් ඉන්න වෙනවා එහෙම නැතිවුනොතින් මේක හරි ගියේ නැත්තන් ළමයව ඩොක්ට කෙනෙක් ළගට එක්ක යන්න වෙනවා.

බේබීගෙන වාහනේ ඇතුළට දැම්මත් හරි වලව්වේ දොරකඩ ඉස්සරහට ආවේ ලොකු මැණිකේ. ලොකු හාමු නම් නෑ වගේ වත්තේ වැඩ බලන්න යන්නවත් ඇති.

” මොකෑ අද පොඩි පරක්කු ආ… මේ කොල්ලත් මොකද මේ වාහනේ ලැගන් කරන්නේ “

ලොකු මැණිකේ මාව දැක්ක හැටියේ කුලප්පු වුනා.

” කෑ ගහන්න එපා අම්මා මයෙ ඔලුව රිදෙනවා ”

බේබී ලොකු මැණිකෙව ගනන් වත් නොගෙන යතුරත් කරක කරක ඇතුළට ගියේ ලොකු මැණිකේ එක එක එව්වා පොඩි බේබීට කියද්දී.

” කමනි නැන්දේ මොකෑ කැවුම් බදින්නේ”

නාගෙන කුස්සියේ පැත්තට ගියත් හරි මන් දැක්කේ කමනි නැන්දායි නිර්මලයි කැවුම් බදිනවා.

” ඇයි කොල්ලෝ හෙට පාන්දරම දේව දානෙයි කිරි දානෙයි නේ මේ වලව්වේ. ඉර නැගෙන්න කලින් වලව්වේ ඉස්සරහ හැමෝම කිරි දානේ දීලා දේව දානේ දෙනවා.  ඊට පස්සේ ගමේ අයටත් කන්න දෙනවා ලොකු හාමු “

නිර්මාල්ගේ අතත් දැන් හොදයි වගේ. නැන්දා කැවුම් එක බදිද්දී නිර්මාල් එව්වා එකින් එක අරන් තෙල් බේරෙන්න වට්ටියට දානවා. උදේ ඉදලා කමනි නැන්දා කැවිලි හද හද වෙන්නැති ඉන්න ඇත්තේ.

හවස හය විතර වෙද්දී ලොකු හාමු වලව්වේ ඔක්කොමලාටම අඩ ගැහුවත් හරි අපි ටික ගියේ ලොකු ලී මේසෙට. ලොකු හාමුයි පවුලෙ උදවියයි ඉද ගෙන ඉද්දී වලව්වේ වැඩ කරන අපි හිටගෙන ලොකු හාමුගේ කතාව අහන් හිටියේ මගේ ඇස් වරින් වර මයෙ බේබී හාමු දිහාටත් යද්දී.

සුදු පාට අත් කොට කමිසේට ගොම පාට සරමක් ඇදගෙන ඉන්න බේබී හාමුගේ ඇස් නම් තිබ්බෙම එයාගෙ අප්පච්චි ළග. නුරාද නම් ඔහේ පැත්තකට වෙලා තනියම සෙල්ලම් කර කර ඔහේ දුවනවා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පාන්දර එකට විතර අප්පච්චියි වැඩ කරන අයයි කලින්ම නිදා ගද්දි අපිත් ගියේ අපෙ කාමර වලට. හෙට පහ වෙනකොට කිරි දානේ පටන් ගන්න නිසා එක වෙද්දී වත් නැගිටලා කරලා තුනට කිරි ආහාර හදන්න ගන්නවා.

පැටියා මයෙ කාමරේ කොලේක පාට කූරු වලින් චිත්‍ර ඇද ඇද ඉද්දී මන් දොරත් වහලා ගියේ නිලූෂගෙ කාමරේට.

” අ හා බේබී මන් ඒත් කවුද කියලා බැලුවා “

මන් කාමරේට ආවත් නිලූෂ පේන්නවත් හිටියේ නැති නිසා මන් එයාගේ ඇදෙ හාන්සි වුනේ එයාගේ ඔලුව තියා ගන්න කොට්ටෙත් තුරුල් කර ගන්න ගමන්. දැනෙන සනීපෙටත් එක්ක ඇස් පියවීගෙන යන්න ගියත් දොර අරුණු සද්දෙට මයෙ ඇස් අරුනා.

” ඇයි දැන් මන් ඇර මේ කාමරේට එන්න තව තව අය නිලූෂට ඉන්නවද ආ “

මූ හිනා වෙනවා ඉතින්. ඇදෙන් නැගිටපු මන් එයාගේ ඇස් වලින් කන්නාඩි දෙකත් අයින් කරලා එයාගේ කර වටා අත් දෙකත් දාගෙන මන් ඒ ඇස් වලින් පේන මයේම රූපේ දිහා බලන් හිටියා.

” මයෙ හාමු මොකෝ ම් “

” ඇයි…. මන් මයෙ නිලූෂ දිහා බලන් ඉන්නවා. “

එහෙම කියපු මන් මයෙ ඇගිලි වලින් ඒ පපුවේ එක එක රටා ඇන්දේ එයත් මයෙ දිහා බලන් ඉද්දී.

” කොල්ලෝ කොල්ලෝ…. ”

කමනි නැන්දත් මේ වෙලාවෙම ඇවිල්ලා දොරට තඩි බාන්න ගත්තේ නිලූෂටත් කතා කර කර.

” කුස්සියේ පැත්තට ඩිංගකට වරෙන්කො විජහට “

” මන් එන්නම් නැන්දේ “

මයෙන් ඈත් වුනු නිලූෂ ඇදෙ තිබ්බ එයාගේ කමිසේ දා ගෙන ආයේ මයෙ ළගට ඇවිල්ලා මාව වැළද ගත්තේ මාත් ඒ උරහිස උඩ මයෙ ඔලුව තියා ගනිද්දී.

” මන් ගිහිල්ලා එන්නම්කෝ ම්. කාමරේට ගිහිල්ලා නිදා ගන්න. පැය කීපයකින් නැගිටින්නත් එපැයි “

එහෙම කියපු එයා දොරත් ඇරන් යද්දී ටික වෙලාවක් මන් එයාගේ කාමරේ ඉදලා ආයේ ගියේ මයෙ කාමරේට. පැටියා තාම චිත්‍ර අදිනවා.

සුදු සරමකට කලූ අත් දිග කමිසයක් දා ගත්තු මන් පැටියත් වැහෙන්න ෂීට් එකත් පොරවලා හතර වටේටම කොට්ට ටිකත් දාලා මන් ආවේ පහළට. මන් නැගිටිද්දීත් තුන පහුවෙලා වෙනකොට මුලු වලව්වම කඩි ගුලක්. මන් මුලු වලව්ව ඇතුළේම මයෙ අලි පැටියව හෙව්වත් එයා නෙවෙයි මේ පැත්තේ ඉන්නවා දැක්කේ .

” පොඩි උබ නැගිට්ටද. ආ මේකට තව කුඩු ටිකත් දාලා වලව්ව ඇතුළට අල්ලන්නකෝ. මන් කිරි බත බලන්නම්කෝ “

අම්මා මට දුම්මල වරමත් දීලා යන්න යද්දී මන් සුවද කුඩු දම දමා දුම් අල්ලන්න ගත්තා.

” ඒයි කොල්ලෝ කෝ කෝ මෙහාට්ට තියාපන් ආ ආ හරි හරි “

නිලූෂ මේස ටික මිදුල ඉස්සරහින් තියලා ගුණේ මාමා එක්කලා ලොකු දේව  පිළිමේ ගෙනවිල්ලා මේස උඩින් පරිස්සමට තිබ්බා. කිරි දානේ බුදුන්ට පුජා කරලා වන්දනා මාන කරාට පස්සේ විෂ්ණු දෙවියන් උදෙසා කිරි ආහාර පුජාව කරනවා කිව්වා අප්පච්චි නම් .

සුදු සරමකට අත් දිග සුදු කමිසයක් දාන් ඉන්න මයෙ නිලූෂ අද හරි ලස්සනයි. ලයිට් එළිය නිසා නිලූෂගෙ ලා කහ පාට හම දිලිහෙනවා. එලියට ආපු මන් ඉස්තෝප්පුවට වෙලා කණුවකට හේත්තියක් දාන් අත් දෙකත් බැද ගෙන හෝ හෝ ගාලා කට්ටිය එක්කලා වැඩ කරන මයෙ කොල්ලා දිහා මන් බලාගෙන හිටියේ මයෙ හිතට අමුතු සතුටක් එද්දි. 

කමනි නැන්දා පැදුරු ටික ඇරන් එද්දි මාත් ඒ පස්සෙන්ම ගිහින් මිදුලේ බිමට පැදුරු ටික එලන්න පටන් ගත්තා.

” පොඩි බේබී ඇතුළට වෙලා ඉන්ට. අපි ඔය ටික කොරන්නම්කො “

ගුණේ මාමා එහෙම කියනකොට තමයි නිලූෂ මාව දැක්කේ. එළියේ වැඩ ටිකත් ඉවර කරාට පස්සේ ආයේ සැරයක් පිරිසිදු වෙලා අපි ගියේ ඇතුළට බුද්ධ පුජාව තියන්ට.

” පොඩි බේබී ඔය ඇදුමට හරි හැඩයි “

අප්පච්චියි අම්මයි ඉස්සරහට වෙලා හයියෙන් ගාථා කිය කියා ඉද්දැද්දි මයෙ කන ළගින්ම ඇහුනේ නිලූෂ ගෙ කටහඩ.

” කන්නාඩි දෙක දා ගෙන නෙවෙයිද නිලූෂ ඉන්නේ “

” මයෙ හාමු බේබී ඔන්න ඉතින් විහිළු කරනවනේ. මන් කිව්වේ ඇත්ත අද හරි හැඩයි ”

මේ කොල්ලා කොදුරන ඒවා කාට හරි ඇහුනොතින් එහෙම ඉවරයි දෙන්නම.

උදේ හත විතර වෙද්දී ගම්මු වලව්වට එද්දි කිරිදානේ කෙසෙල් කොලවලට නිලූෂයි නිර්මාලුයි කමනි නැන්දයි දාලා මේසේ උඩින් ඇහිරුවේ පැත්තකින් පැත්තකින් පලතුරු කෑළිත් අහුර අහුර. අප්පච්චියි අම්මයි ගම්මු ටිකට කෙසෙල් කොළේ ඔතපු කිරි ආහාර ටික දෙද්දී මම් කරේ පළතුරු කෑලි ටික අල්ලපු එක.

මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙද්දී එකොළහටත් කිට්ටු වුනා.

” ලොකු හාමු මහත්තයෝ ලොකු හාමු මහත්තයෝ ආන් වෙද හාමු උන්හැයියෙ එනවා “

සෝමේ මාමා අපෙ අප්පච්චිට එහෙම කියද්දී අප්පච්චි ගියේ දොරකඩට. වෙද හාමු සාමාන්යෙන් ඉදලා හිතලා වගේ අපෙ අප්පච්චි අම්මා එක්කලා කතා කරන්න වලව්වට එනවා.

       …………………………………………..

ලොකු හාමුගෙ පැත්තෙන්,,

” වෙද මහත්තයෝ ඇතුළට ආවා නම් “

මන් ගොඩක් ගරු සරු ඇතිව වෙද මහත්තයට ඇතුළට එන්න කිව්වත් හරි එයා අවධානේ දුන්නේ මිදුලේ බයිසිකලේ පැද පැද ඉන්න පොඩි එකාට.

” මට උදේ වැඩක් වැටිච්ච නිසයි හාමු මට එන්ට බැරි වුනේ “

වෙද මහත්තයා ඇතුළට ඇවිල්ලා වාඩි වෙද්දී මන් බැලුවේ අපෙ මැණිකේ දිහා.

” මැණිකේ කිරි කහට කෝප්පයක් ගෙනෙන් “

මැණිකේ කමනි එක්කලා කුස්සියේ පැත්තට යද්දී මන් ආයේ බැලුවේ වෙද මහත්තයා දිහා.

” දානේ වැඩ කටයුතු ටික මන් කියපු විදිහට කරා නේ නේද හාමු “

” එහෙයි වෙද මහත්තයෝ. “

මැණිකේ කහට කෝප්පේ දෙද්දී කමනි ගෙනාපු උණු වතුර කෝප්පෙන් උගුරු දෙක තුනක් බීපු එයා කහට කෝප්පේ අතට ගත්තා.

” අපි ටිකක් එළියට ගිහිල්ලා කතා කරමු හාමු. මට‍ හුලන් ටිකකුත් වැදෙන්ට ඕනෑ”

වෙද මහත්තයා එහෙම කියලා උයන පැත්තට යද්දී මැණිකෙයි මමයි ඒ පස්සේ ගිහිල්ලා පොකුණු බැම්මෙන් වාඩි වුනා.

” වෙද මහත්තයා මන් මේ කට්ටියට අද හවස එන්නයි කිව්වා පොඩිත් ඉන්න එකේ දේපළ ටික එයාගෙ නමට භාර දෙන්න “

” ම් ඒක හොදයි. කල් ඇතුව කොර ගන්න එකෙන් අනිත් උන්ටත් ආයේ ඕකට අත ගහන්නත් බැරි වෙනවනේ. පොඩි එකා ගැන නම් බයක් සැකක් වෙන්ට ඕන්නෑ. මන් ළග මාලේ බන්ධනේ තියෙනකම් එකාට කතා කොරන්න බෑ. කොහොමත් හාමු පෙර මතකේ තිබ්බොත් තියෙන්ටෙ ගොඩක් වෙලාවට අවුරුදු තුන හතර පහ වෙනකම් නේ.  “

” මන් ඒත් මෙහෙම ආයේමත් ඒකා අපෙ පවුලටම එයි කියෙලා හීනකින් වත් හිතුවේ නෑ නේ වෙද මහත්තයෝ. ඒකා මැරිලා ගිහිල්ලත් ආයේ අපෙ පස්සෙම එනවනේ. කරදරකාර හැත්ත. වෙද මහත්තයෝ මේ සැරෙත් අපිට කරදරයක් වුනොතින් ගිය පාර වගේ වැඩේ ක… “

” කට මැණිකේ කට වහ ගනින්. මන් ශිල්ප ශාත්‍රය හැදාරුවා තමයි. ඒත් මන් ඔය මිනීමරණ වැඩ නම් කොරන්නේ නෑ.ඒක මට මන්ම කර ගන්න ලොකු නිගාවක්. උබ මයෙ ගෝලයෙක් ලව්ව අරකව මැරෙව්වා එකෙන් වුනේ ඒ ළමයත් දැන් අබ්බගාත වුන එක “

මැණිකේ ආයිමත් සැරයක් අප්පුවට මොකක් හරි කරමුයි කියද්දී වෙද හාමු මහත්තයා ආවේස වගේ වෙලා මැණිකේට කෑ ගැහුව පාර මාත් ටිකක් බය වුනා. වෙද මහත්තය එක්කලා මාත් මේ ගනු දෙනු කරන්නේ හරි පරිස්සමින් වෙද්දී මයෙ ගෑණි ඉතින් කරේ ළගින්ට එනවනේ.

” à·ƒ මා වෙන්න වෙද මහත්තයෝ “

මන් යටහත් පහත්ව එහෙම කියලා මැණිකේටත් දෙකක් රවද්දී තමයි ඕන් අපෙ මැණිකෙත් සමාවෙන්න කියලා වෙද මහත්තයට කිව්වේ.

” වෙද මහත්තයෝ අර එන නයා එතකොට “

” ම් ඒකා තමයි අප්පුවා ඉස්සර ඒකා පොඩි කාලේදී කිරි පෙව්ව එකා. දැන් නයි හාමිනේ ලොකු වෙලා නොවෑ . ඒකා ගෙනුත් නම් උබලට කරදරයක් නෑ. හැබැයි නයාට ගහන්න කොරන්න තියා ගන්න එපා ඕන්. මුළු පරම්පරා  වගෙන්ම පළි ගනියි. ඒකා මේ එන්නෙ පොඩි එකාව බලලා යන්ට. උන්ටත් කෙලෙහි ගුණ හොදට තේරෙනවා. ඒකා පොඩි එකාව දැක්ක ගමන් අදුර ගන්න ඇති. “

අප්පුවා ඉස්සර අපි කොච්චර එපා කිව්වත් නයි පැටියෙකුට හොරෙන් හොරෙන් කිරි දීලා. දැන් බලන්න ඉතින් ඒකෙනුත් අපිටනේ කරදරේ.

” මන් තව අවුරුද්දකින් දෙකකින් අර මාලේ බන්දනේ කඩලා දාන්නම්. එතකොට පොඩි එකාට මතක අමතකත් වෙලා කතා කර ගන්නත් පුළුවන් වෙයි “

” එහෙයි වෙද මහත්තයෝ “

” කවුදෑ අර මිදුලේ ගොක් කොළ ටික ඇරන් දදා හිටිය සුදු කොල්ලා “

” ආ තේ වත්තේ වැඩට ගත්තු කොල්ලෙක් නේ වෙද මහත්තයෝ. ඒකා ටිකක් සුද්දෙක්ගෙ පෙනුමයි ඉතින් “

” ම්.. මන් යන්ටම් එහෙනම්. මට වැඩ ගොඩ ගැහිලා ටිකක් මේ දවස් වල “

වෙද මහත්තයා එහෙම කියලා යන්න යනකොට මාත් වලව්වේ කඩුල්ල ළගටම ගියා.

මන් ආයේ එළියට වෙලා ඉන්නැතුව මයෙ කාමරේට ගිහිල්ලා ඇදෙ හාන්සි වුනේ ටිකක් නිදා ගන්න. අයියයි අයියගේ පොඩි එකයි නම් කොහේ ඉන්නවද දන්නෑ. මයෙ මැණිකෙටත් අප්පුවා ගැන තියෙන්නේ එසේ මේසේ තරහක් නෙවෙයි. ඒකිට තාම තේරෙන්නේ නෑ අයියා අප්පුවා එක්කලා පැනලා ගිය නිසයි අප්පුච්චා මේ මුළු දේපළ ටික කොටස් කරන් නැතුව මටම ලියලා දුන්නේ කියලා. අප්පුවා නැති නිසා කොහොමත් අපෙ අයියගේ සිහිය හිටන් විකල් වෙන්න ඇති. ආයේ ඉතින් ඒකා මෙව්වට ඇගිලි ගහන්න නම් එන්නැති වෙයි. ඒත් ඉතින් පොඩීට මේ ටික කල් ඇතුව ලියල දෙන එක හොදයි නේ..

………………………………………………………..

අප්පච්චිලා වෙද මහත්තයා එක්කලා මොනා කරනවද මන්දා. මන් එළියේ මිදුලට යද්දී දැක්කේ බයිසිකලේ පදින මයෙ කොල්ලව. නිලූෂත් ඒ හරියෙම වැඩ කර කර ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ කොල්ලා ගැන.

” පොඩි බේබී ඉන්න ටිකක් “

යන්න ගියපු මන් ආයේ නැවතුනේ නිලූෂගෙ කටහඩට.

” කමනි නැන්දට කියනවද මන් කහට එකක් වක් කරන්න කිව්වයි කියලා. තිබහයි දැන් නම් “

හප්පේ වෙද මහත්තයට කිරි අල්ලද්දී නැන්දා මෙයාලටත් එක්කලා නෙවෙයි චෙන්න ඇති හදලා තියෙන්නේ.

” කිරි එකක් වක් කරගෙන එන්නම් මන්.  පැටියා එක්කලා වාඩි වෙලා ඉන්න ටිකක් “

එයා හිනාවක් දෙද්දී මන් ආවේ කුස්සියට කිරි වක් කරන්න.

          ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලූලා 🙏🙏

ගිහිල්ල එන්නම් 🤗❤️❤️

අදහස් වලට ස්තුතියි ගොඩාරියක් 🙏💗💗💗💗💗 වෝට් වලටත් ස්තුතියි ❤️

                   …………………….

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිතුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 24